හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් පනත යටතේ ගොනු කර තිබෙන නඩුවක් ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා නොවැම්බර් මස 30 වන දා කැදවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.
2014 වසරේ අගෝස්තු මස පලමුවනදා සහ එම වසරේ නොවැම්බර් මස පළමු වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම සහ ඉන් රජයට පාඩුවක් සිදුකළා යැයි චෝදනා මත එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.
Neth