ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එකතු වූ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) පැවති එජාප 76 වන සංවත්සරය සඳහාද සහභාගි වී සිටියහ.
සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. එම පනත් කෙටුම්පත විවාදයකින් තොරව ඊයේ දිනයේ සම්මත කර ගැනීමටයි මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබුණේ.
ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ චෝදනාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07) පිළිතුරු ලබාදුන්නේය.
ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී කුඩා කුඩා කණ්ඩායම් දිය වී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අතර පොදු සන්ධානයක් ඇති කර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් භාරගන්නේදැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.
රාජපක්ෂවරුන් මේ රටේ බලයට පැමිණියේ ජනතාවගේ ඡන්දයෙන් මිස බලහත්කාරයෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම කඩිනමින් සභාගත කරන ලෙස විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් දැක්වූයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.
වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 9 යි 15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ නමුත් කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෝ කාබනික පොහොර ගෙන්වීම හෝ තම අමාත්‍යංශය යටතේ සිදු නොවූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ගොවීන් මුහුණ දෙන ගැටළු හමුවේ වී සදහා හොද මිලක් නියම කළ යුතු බවයි.
ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කොට ඇති බවත්, එය දරාගත නොහැකි තරමට ජනතාව පත්ව ඇති බවත්, එහෙත් සියල්ල මැද ආණ්ඩුව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Says Gotabaya Rajapaksa is unsuitable for politics
Asks him to beware of traps set by others
Hints that leftists parties will unite in the future
නව දේශපාලන මාවතක් සොයමින් සිටින ජනතාව වෙනුවෙන් උත්තර ලංකා සභාගය පිහිට වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එහි පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
අරගලය අවසන් යැයි පාලකයින් සිතා සිටින නමුත් එය එසේ නොවන බවත් මේ අරගලයේ පටන් ගැන්ම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
මාස 04 ක් පුරා රට තුළ ක්‍රියාත්මක වූ ජනතා අරගලය අමතකක කරමින් ඉදිරියට කිසිවෙකුටත් සාර්ථක දේශපාලනයක නිරත විය නොහැකි බව හිටපු ජනාධිපතනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සභාපතිත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 05 පෙරවරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිණිය මෙම අදහස් පළ කළා.
Page 119 of 554