Saturday, January 31, 2026
Follow Us
මැතිවරණය පවත්වන දිනය ගැන ඉඟියක්

මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම් වෙයි


ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා සඳහන් කළේ,

“පළාත් පාලන මැතිවරණය වසරක් කල්දාලා තියෙනවා. කොහොම වුණත් මැතිවරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ ඉල්ලපු එකක් තමයි, අමාත්‍යවරයාට තියෙන බලය කොමිසමට තිබිය යුතුයි කියලා. මොකද අමාත්‍යවරයෙකු ඒක ක්‍රියාත්මක කිරීමේ දී කොතරම් හොඳ හේතුවක් මත එය ක්‍රියාත්මක කරත් සමහර විට දේශපාලන හේතුවක් මත ක්‍රියාත්මක කරනවා කියලා පෙනී යන්න පුළුවන්. කොහොම නමුත් ඒක දැන් කල්දාලා තියෙනවා ලබන මාර්තු 20ට. පළාත් පාලන ආඥා පනත අනුව ඡන්ද විමසීම සැප්තැම්බර් 20න් පසුව කොමිසමට බලය එනවා. එතකොට මාර්තු 20ට කලින් මැතිවරණයක් තැබීමේ හැකියාව කොමිසම් සභාවට තියෙනවා. ඒක තියද්දි අවධාරණයට ගන්න කාරණා දෙකක් තියෙනවා. ඡන්ද හිමි නාමලේඛනය 2022 දී සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් 31. පරිපූරක එක සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 11. මේක දෙක සහතික කරන්න පෙර අපි ඡන්දයක් ප්‍රකාශයට පත් කළොත් 2021 ඡන්ද නාමලේඛනය වලංගු වෙන්නේ. ඒ නිසා ඒ දිනත් බලලා ඡන්දයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු 20ට පෙර ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා අපේක්ෂාව කොමිසමේ තියෙනවා.”

Aruna