Saturday, January 31, 2026
Follow Us
හෙලුවෙන් නොගිය ක්‍රීඩා රාජ්‍ය ඇමති

සියලු දෙනාට මෛත්‍රි කරනවා ඇමති කියයි


ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රිකට් හා දැල්පන්දු කණ්ඩායම් පිළිගැනීමට නිලධාරීන් සමග සහභාගි වූයේ ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායකය. නිලධාරීන් සිටියේ ටයි කෝට් පැලඳ ගනිමිනි.

නමුත් රාජ්‍ය ඇමැතිවරයා ජාතික ඇඳුම ඇඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළි ගැනීමට ගියේය.

දැල්පන්දු කණ්ඩායම පිළිගෙන පෙරහරින් පැමිණෙන විට ඉදිරියෙන්ම රාජ්‍ය ඇමැතිවරයාගේ පැමිණීම සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනයට ලක්විය. මේ ගැන විමසන විට රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ‘‘මම හෙලුවෙන් ගියේ නැහැනේ. ජාතික ඇඳුම ඇඳ ගෙන ගියේ. සියලු දෙනාට මෛත්‍රි කරනවා’’ යනුවෙනි.

මේ අතර ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, දැල් පන්දු සංගමය එක්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. කොළඹ තරු පහේ හෝටලයක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත් වුණේ සිකුරාදා රාත්‍රියේය

Aruna