Saturday, January 31, 2026
Follow Us
ඇමතිකම් ගත් අයට එරෙහිව විනය පරීක්ෂණ තියන අදහසක් නෑ – මෛත්‍රී

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ කඩිනමින් පැවැත්වීමේ අදහසක් තමන්ට නොමැති බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – ළඟදීම විනය පරීක්ෂණ තියෙනවාද ශ්‍රීලනිපයේ ඇමතිකම් ගත් අයට එරෙහිව ?

“නැහැ, දැන් මේ අද කතා කරන්න වෙලා තියෙන්නෙ අපට මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක, ඒවාට විසඳුම් හොයන එක. මේ තිබෙන තැනින් රට ගොඩගැනීම තමා අපට අවශ්‍ය වෙන්නෙ. එහෙම නැතුව අනෙකුත් කාරණා එකක්වත් අපට ප්‍රමුඛත්වයක් වෙන්නෙ නෑ මේ රට පවතින තත්වය අනුව”

ප්‍රශ්නය – දැන් එතකොට ඉතිරි කට්ටියත් ගිහින් ඇමතිවරු හැටියට වැඩ භාරගත්තොත් එහෙම ?

(පිළිතුරු නොදෙයි)

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී පැවති එම පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW