කංසා අපනයනය නීතිගත කර මෙරටට විශාල වශයෙන් ඩොලර් ගෙන ඒමට හැකියාව පවතින බව අද දිනයේ දිවුරුම් දුන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එකතු වූ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) පැවති එජාප 76 වන සංවත්සරය සඳහාද සහභාගි වී සිටියහ.
ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ චෝදනාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07) පිළිතුරු ලබාදුන්නේය.
ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී කුඩා කුඩා කණ්ඩායම් දිය වී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විඝණනයක් වහාම සිදුකරන ලෙස විඝණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් භාරගන්නේදැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.
රාජපක්ෂවරුන් මේ රටේ බලයට පැමිණියේ ජනතාවගේ ඡන්දයෙන් මිස බලහත්කාරයෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා එහි දේපළවලට පහරදී අලාභහානි කර දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 9 යි 15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ නමුත් කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෝ කාබනික පොහොර ගෙන්වීම හෝ තම අමාත්‍යංශය යටතේ සිදු නොවූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ගොවීන් මුහුණ දෙන ගැටළු හමුවේ වී සදහා හොද මිලක් නියම කළ යුතු බවයි.
ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කොට ඇති බවත්, එය දරාගත නොහැකි තරමට ජනතාව පත්ව ඇති බවත්, එහෙත් සියල්ල මැද ආණ්ඩුව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නව දේශපාලන මාවතක් සොයමින් සිටින ජනතාව වෙනුවෙන් උත්තර ලංකා සභාගය පිහිට වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එහි පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
අරගලය අවසන් යැයි පාලකයින් සිතා සිටින නමුත් එය එසේ නොවන බවත් මේ අරගලයේ පටන් ගැන්ම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
Page 116 of 551