2005 වසරේදී තමන් ද එකතු වී මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනාධිපති ධුරයට පත් කළ නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයින් රටේ පාලනයට මැදිහත් වීම තුළ රට විනාශය කරා ගිය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර, එනම් 2022 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
සෞභාග්‍යයේ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් බලයට පැමිණි ආණ්ඩුව ජනතාවට අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්,රටම මන්දපෝෂණයෙන් වෙලාගනිද්දී, ආණ්ඩුවට අධිපෝෂණයේ මවත සොයමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජනමතවිචාරණයක් නොව මැතිවරණයක් බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට ජනාධිපතිපවරයා ඉකුත් දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
ඉදිරි කාලය තුළ නව දේශපාලන බලවේගයක් රටට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
The Colombo Fort Magistrate’s Court yesterday issued notice directing the former President Maithripala Sirisena to appear in court on 14 October over a private plaint relating to Easter Sunday attacks of 2019.
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ කඩිනමින් පැවැත්වීමේ අදහසක් තමන්ට නොමැති බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් සහ තියුණු ආයුධයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
වත්මන් රජයට සහ එය ආරක්ෂා කරන්නන්ට එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරියේදී ගොඩනැඟීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් නව සභාපතිවරයෙකු පත්කළ යුතු බවට යෝජනා වී තිබෙනවා. පක්ෂයේ කටයුතු සඳහා දිගින් දිගටම මැදිහත් වන පුද්ගලයෙකු සභාපතිරවයා ලෙස කටයුතු කළයුතු බවයි එම යෝජනාව ඉදිරිපත් කළ මැති ඇමතිවරුන් පවසා තිබෙන්නේ.
Page 116 of 556