Friday, January 30, 2026
Follow Us
Political

ප්‍රයෝජනයට ගත හැකි තේ වගාවට උචිත ඉඩම් රජය විසින් අතහැර දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඉඩම් තේ වගාව සදහා යොමු කර ගැනීමෙන් රටට ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

Political

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ ‌යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය කියයි.

Political

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.

Political

පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් ඡන්දය විමසන අවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තමන් ඡන්දය ලබානොදුන්නේ ඊට විරෝධය පළ කිරීම සදහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

Political

ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ අස්ථානගත වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

අධිකරණයේන් නියෝගයක්

Political

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල, වාහනවලින් සැරිසැරූ පිරිසට අයත්වීම හේතුවෙන්.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික හරයන්ට පටහැනි කරුණු හේතුවෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීමට තමන් සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

Political

ගිනිතියන්න ලේසියි හැබැයි ඒක නිවන්න අමාරුයි

Political

තමාට පහරදුන් බව කියමින් සමගි ජන බලවේගයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමන්ගාව මහතාට එරෙහිව එම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කළමනාකරුවකු පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

Political

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පමණක් නොව රජයේ ඉහළ තනතුරු සදහා ඉල්ලුම් කිරීමටද ඉඩ ලබා නොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

ඖෂධ හිඟයට මෙන්ම රටේ ඩොලර් අර්බුදයටත් විසදුමක් ලබාගැනීමට කළ යුත්තේ රටින් පිට කළ ඩොලර් නැවත ගෙන්වා ගැනීම බවත් එය සිදුකළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කර නොව, වැරදි සිදු කළ කණ්ඩායම් ඉලක්ක කර බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

Political

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියා.

Political

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයෙකු වනරන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.

Political

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දරුවන් රැකබලාගැනීම සඳහා සුරැකුම් මධ්‍යස්ථාන පිහිට විය යුතු වන අතර එවිට අරගල වැනි කටයුතු සඳහා යන මව්වරුන්ට දරුවන් එම ස්ථානවල සුරක්ෂිතව තබා යා හැකි බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ මොහොතේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමකින් පසුනොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

Political

යාල ජාතික වනෝද්‍යානයට ඩිෆෙන්ඩර් සහ ජීප් රථවලින් ඇතුළු වූ පිරිස අතර සිය පුත්‍රයා නොසිටි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Political

රුපියල් මිලියන 75 කට අධික දේපළ සහ මුදල් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා විසින් මූලික විරෝධතාවක් ගොනුකර තිබේ.