Friday, January 30, 2026
Follow Us
මෙවර අයවැයෙන් පීඩාවට පත් ජනතාවට ලැබෙන සහන ගැන විපක්ෂයේ වැඩි අවධානය

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවර අයවැයෙන් ජනතාව වෙත ලබාදෙන සහන පිළිබද අවධානයෙන් සිටින බවයි.

ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අද ඉදිරිපත් වන අයවැයෙන් හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි.

Neth