Saturday, March 28, 2026
Follow Us
නොගැළපෙන බදු ඇති බව මුදල් රාජ්‍ය ඇමති පිළිගනී

දැනට පනවා ඇති ඇතැම් බදු නවීන ලෝකයට නොගැළපෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

එහිදී ඔහු කියාසිටියේ දැනට පනවා ඇති ඇතැම් බදු නවීන ලෝකයට නොගැළපෙන බවයි. ඒවා ලැබෙන පළමු අවස්ථාවේදීම සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

Neth