2023 වසර සදහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. උදෑසන 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.
ඉරිදා සහ පෝය දිනයන් හැර අනෙකුත් සියලු දිනයන්හීදී අයවැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ මස 22වනදායි.
ඉන් අනතුරුව අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරකසභා අවස්ථාව නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වෙනවා. අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී 7ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
Neth