Friday, January 30, 2026
Follow Us
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් පත් කිරීම සදහා අයදුම්පත් කැදවයි

21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් පත් කිරීම සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට සලකා බැලීම සදහා විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත් පොදු හෝ වෘත්තීය ජීවිතයේදී කීර්තියට පත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන්ට ඒ සදහා අයදුම් කළ හැකියි.

ඒ සදහා අයදුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇති ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රය සහ ජීව දත්ත සටහන මේ මස 28 වන දිනට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත තැපැල් මගින් යොමු කළ යුතු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ඇතුළත් විය යුතයි.

NEth