Friday, January 30, 2026
Follow Us
‍උත්තර ලංකා සභාගය ට මහනුවර දී හූ සංග්‍රහයක්

විමල් වීරවංශ ඇතුළු පිරිසට දිගටම විරෝදය


මහනුවර පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් අවසන් වීමෙන් අනතුරුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබේ.

මහනුවර දිස්ත්රික් උත්තර සභාව දේශපාලන රැස්වීම අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්වුණි.

අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණයෝ කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් සැඩපරුෂ ආකාරයෙන් බැනවැදීම හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම් කාරි තත්ත්වයක් උද්ගත වූහ.

එම විරෝධතාව මධ්‍යයේ විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමග උත්සව ශාලාවෙන් බැහැර වාහනයෙන් පිටත්ව ගියද පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුළින් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුළම සිටි බව අප වාර්තාකරු පැවසීය.

දෙපාර්ශ්වය අතර කලබලකාරී උණුසුම් තත්ත්වය දිගින් දිගටම පවතිද්දී වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තම වාහනවලට නැඟ පිටවී ගියේ දැඩි හූ හඬ විරෝධයක් මධ්‍යයේ ය.

මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය විනාඩි 15ක් පමණ පැවති බව අප වාර්තාකරු පැවසීය.

Aruna