සමගි ජන සන්ධානය සමග තමන් එක් වූ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්ව පසුගිය සමයේ ස්වාධීනව කටයුතු කළ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ විපක්ෂ නායකවරයා හමුවුණේ පාර්ලිමේන්තුව තුළ පොදුවේ විපක්ෂයක් ලෙස සිදුකළ යුතු කාර්යභාරය පිළිබද සාකච්ඡා කිරීමට බවයි ඇය පෙන්වා දෙන්නේ.
එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදු නොවූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්නද ඊයේ ප්‍රකාශ කළේ තමන් සමගි ජන බලවේගය සමග එක්වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළත් තමන් එම තීන්දුවට එකග නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
Neth