රට ගොඩනැගීමේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට විශාල කාර්යභාරයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමග ගැටුමක් ඇතිකර ගැනීමට වන නමුත් තමන් එම උපක්‍රමයට හසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
දැනට ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුවහොත් එම මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ සාකච්ඡාවකට ලක්ව ඇති බව වාර්තා වනවා.
පසුගිය අරගල සමයේදී අරගලකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයටත් ප්‍රහාරයක් එල්ල කළ බවත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මූලස්ථානයකට එවන් ප්‍රහාරයක් එල්ල වුණේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
ආර්ථික අර්බුදය විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා පිළිබඳ සර්ව පාක්ෂිකව තීරණ ගන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.
රටේ ජනතා මුදල් සොරාගත් සියලුම දෙනාම අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට පමුණුවා එසේ සොරාකන ලද මුදල් නැවත ජනතා අයිතියට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද පැවත්වෙනවා. වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ 49 ක් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙන අතර පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය ඒ සඳහා වෙන්කර තිබෙනවා.
මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වත්මන් ඖෂධ හිඟයට මූලික හේතුවක් වී ඇත්තේ තම පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතියට හඳුන්වාදුන් ඖෂධ තොග පිළිබඳ මෘදුකාංගය මේ වනවිට ක්‍රියා විරහිත වී පැවතීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් අද (12) පැවසීය.
ජපන් රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා මෙරටට අහිමි වූ මුදල, එය අත්හිටුවීමට අනුබල දුන් නිලධාරින්ගෙන් අයකර ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී පැවසුවාය.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.
Page 82 of 551