Thursday, January 29, 2026
Follow Us
මාර්තු පාර්ලිමේන්තුව විසුරුවන්න හැකි බව ජී.එල් කියයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසා ඇති අතර මේ වන විට ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය සියයට 15ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළේය.

 පළාත් පාලන ආයතන මැතිවරණය නියත වශයෙන්ම මාර්තු මස 9 දා පැවැත්වෙනු ඇතැයිද ඔහු පැවැසීය.

 මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයට යාමට සිදුවනු ඇති බවත්ම ඔහු පැවැසීය.

 එම මැතිවරණයෙන්ද ආණ්ඩුව පරාජයට පත්වෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසිය.  

ARUNA