Thursday, January 29, 2026
Follow Us
Political

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබේ.

Political

ණය උගුලෙන් බේරා ගැනීමට සිය පාර්ශවයට හැකියාව ඇති බව ජාතික ජනබල වේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ සියලු පාර්ශවයන්ට විශ්වාසය ඇති කිරීමෙන් සිය කණ්ඩායමට රට ගොඩ නැගීමට හැකි බවයි.

Political

ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව විසින් ඊයේ (15) පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවේදී වෘත්තීය වෙබ් කරුවන් මඟ හැර ඇති බවට ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

Political

අමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

Political

ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම උදෙසා ජාති ආගම් කුල මල බේද නොසලකා සියලු දෙනා එකට එක් විය යුතු බවත්, අවස්ථාවාදීත්වය බැහැර කරමින් රට ගොඩනැගීමේ අරමුණ ප්‍රමුඛ කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Political

මාර්තු 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයින් ගැසට් කිරීමේ කටයුත්ත සිදුකළ යුතු වන අතර පවතින නීතිය යටතේ දෙසැම්බර් අවසාන සතියේ නාමයෝජනා කැඳවීම සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Political

අපනයනය සඳහා කංසා වගාව, රාත්‍රී ආර්ථිකයක් බිහිකිරීම ඇතුළු රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව කවුරුන් හෝ විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව නොමග යවා ඇතැයි තමන්ට සිතෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

Political

සීමා නිර්ණය අනුව ලබන පෙබරවාරි 28 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීවරු අටදහස් ගණන පන්දහස් දෙසීයක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වනු ඇති අතර පනතේ විධි විධාන අනුව ඉන් අනතුරුව සමාලෝචන කටයුතු පවතින බවත් ඒ අනුව තව හය මාසයකට වඩා ජන්දය කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Political

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද” නම් කෘතිය මාධ්‍යවේදීන්ට බෙදා දීමේ අවස්ථාවක් අද (15) දින සිදුවූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීහු ඔහුගේ කෘතිය වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් විවේචනය කිරීම පිළිබඳව ඒ මහතා ගෙන් ප්‍රශ්න කර සිටියහ.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පහසු නොවනු ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

Political

ඩයනා ගමගේ මහත්මිය නොයෙකුත් දෑ පවසමින් සිටින්නේ ආතතිය නිසා බවත් ඇයගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුව ලබන ජනවාරි 26 වනදා කැඳවූ පසු ඇයගේ ඉරණම එයින් තීන්දු වෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

Political

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

Political

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹ නෙලුම් කුළුණ බදු දී තිබෙන්නේ සිංගප්පූරු සමාගමකට බවත් එම සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයින් පත්කිරීමේදී අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට අවස්ථාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

It is hilarious that the same people who worked to postpone the Provincial Council (PC) elections are talking about a 13th Amendment to the Constitution today, Parliamentarian Namal Rajapaksa said.

Political

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තමා ද විරුද්ධ බවත්, වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමය සඳහා තම දේශපාලන ධාරාවට ජනතා වරමක් නොලැබුණ බවත්, තම පක්ෂයට ලැබුණු ජනතා වරමට භාහිරින් ගමන් කරන්නේ නම් ඊට තමා විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.