මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වෙයි.
විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පැවැසීය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.01.25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාමයෝජනා භාර දුන් පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් හෙට (24) පෙ.ව.10.00ට පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ.
කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.
නවසීලන්තයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වීමට නියමිතව තිබෙනවා. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.
2023/01/18 දින කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ කැඳවීම කරන ලද්දේ 2022.12.08 දින කාරක සභා රැස්වීමේ දී දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහා ය.
Page 81 of 556