Thursday, January 29, 2026
Follow Us
විදේශීය ශ්‍රම වෙළඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීමට ක්‍රමවේදයක්

විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ගුණාත්මක භාවයෙන් හා නිපුණතාවයකින් යුතු සංක්රයමණික ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සහ ඊට ආනුශංගික කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් සකස් කරන ලද පුහුණු වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා අනුකමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම කමිටුව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූහ.

විදේශ වෙළඳපොළ අරමුණු කරගෙන ගුණාත්මක ශ්‍රමිකයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණ සිටි අමාත්‍යාංශ සියල්ලේ එකතුවෙන් ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීමට මින් පෙර මෙම කමිටුව කරන ලද නිර්දේශයේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ අනුව විදේශීය වෙළඳපොළ අරමුණු කරගනිමින් කම්කරු හා විදේශරැකියා අමාත්‍යාංශය මේ වන විට පුහුණු වැඩසටහන් සකස්කිරීම පිළිබඳ පැමිණ සිටි නිලධාරීන් අදහස් දැක්වීම සිදු විය. මෙහිදී ග්‍රාමීය මටිටමේ සිට පුහුණු කිරීම් සහ ප්‍රචාරණයන් මේ සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ කොට ඇති බව පැමිණ සිටි නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එසේම මෙරට ජාතික වෘත්තීය සුදුසුකම් ( NVQ) වෙනත් රටවල් සමග සමපාතවීම පිළිබඳ අධ්යමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

තවද විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්රන තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

එසේම විදේශ ගත වීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයින්ගේ විනය සකස්කිරීම පිළිබඳව ද මෙම කමිටුවේදී සාකච්ඡා විය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ විදේශ ගත වන ශ්‍රමිකයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ලැබිය යුතු සහයෝගය මෙම කමිටුවේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු වඩාත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද ඒ මහත්මිය විසින් පෙන්වා දුන්නාය.