Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි 

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වෙයි.

පී.එම්.එස්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර ඇත.

විසි වන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් විය. 

NETH