ආහාර ගැනීමට මෙන්ම එම ආහාර හොඳින් ජීර්ණය වීමට ද ආහාර පිළිබඳ ප්‍රියතාවක් ඇතිවිය යුතුය. එම ප්‍රියතාව ලබා ගැනීමට නම් ආහාරයේ රසය, සුවඳ මෙන්ම පෙනුම ද එකසේ වැදගත් වේ.
ගොඩක් දෙනෙක් කඩේ තියෙන සෝයා මීට ගෙනත් හදලා කනවා. තවත් අය කඩේ තියෙන සෝයා මීට් කන්න කැමැති නෑ. ඒත් අපි ඔක්කොටම පුළුවන් සෝයා මීට ගෙදර දී ම හදාගන්න. මෙන්න තියෙනවා සෝයා ඇටවලින් සෝයා මිට් හදන ක්‍රමය. එහෙමනම් ඔබත් ගෙදර දී ම සෝයා මීට් මෙලෙස සකසා ගන්න.
අයිසිං සීනි ඔබට අවශ්‍ය ප්‍රමාණය රැගෙන කැට ඉතිරි නොවන සේ හොඳින් හලාගන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි එකක් භාජනයකට දමා වතුර මේස හැඳි 1 1/2ක් එයට එක් කරන්න. ඉන්පසුව ගෑරුප්පුවක් ආධාරයෙන් ජෙලටින් ස්වල්පය වතුරේ හොඳින් දිය කරන්න. ජෙලටින් දිය කරගත් පසු විනාඩියක් පමණ කාලයක් යන විට එය ඝනවීමට (Bloom) පටන් ගනී. ඉන්පසුව භාජනයකට උණුවතුර දමා එයට ජෙලටින් සහිත භාජනය දමා ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු දියකරගත් ජෙලටින් ෆොන්ඩන්ට් අයිසිං සාදා ගැනීමට යොදාගන්නා භාජනයට පෙරා ගනිමින් එක් කළ යුතුය. රස්නය තිබියදීම මෙයට ග්ලූකෝස් සහ ග්ලිසරින් මේස හැඳි 1 බැගින් එක්කර ගත යුතුය. ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය හොඳින් දියවුණු පසු කලින් හලාගත් අයිසිං සීනි භාජනයට එක් කරගන්න. ඉන්පසුව හොඳින් මිශ්‍ර කර්ස්ගන්න. හොඳින් මිශ්‍ර කරගන්නා විට එක් මොහොතක දී අයිසිං මිශ්‍රණය අතේ නොඇලෙන පදමට පැමිණෙයි. ඒ වාගේම වඩාත් මෘදු ස්වභාවයක් ගනී. එම පදමට පැමිණි පසු එම ෆොන්ඩන්ට් අයිසිං මිශ්‍රණය ඔබගේ කේක් නිර්මාණයන් සඳහා භාවිත කළ හැකි වේ.
ආහාර ගැනීමට මෙන්ම එම ආහාර හොඳින් ජීර්ණය වීමට ද ආහාර පිළිබඳ ප්‍රියතාවක් ඇතිවිය යුතුය. එම ප්‍රියතාව ලබා ගැනීමට නම් ආහාරයේ රසය, සුවඳ මෙන්ම පෙනුම ද එකසේ වැදගත් වේ.
සෝයා කිරි පෝෂණය පිරුණු රසවත් පානයකි. ඒත් බොහොමයක් දෙනා සෝයා කිරි හදන්න දන්නෙ නෑ. ඒ අයටයි මේ අවස්ථාව.
සෝයා කිරි මුදවලා හදන බීන් කර්ඩ් නැත්නම් ටෝෆු (Tofu) ලංකාවේ අපිට ඒ තරම් පුරුදු කෑමක් නොවුණත් ජපානය, කොරියාව, තායිලන්තය වගේ රටවල බොහෝම ජනප්‍රිය කෑමක්.
Page 33 of 43