Thursday, February 05, 2026
Follow Us
සුදු හඳුන් දලු සම්බෝලය

අවශ්‍ය වන්නේ

ළපටි සුදු හඳුන් දලු

(හොඳින් සෝදා වතුර පෙරා නැටි ඉවත්කර දලු කඩාගන්න)

සිහින්ව ලියාගත් රතුලූනු

සිහින්ව ලියාගත් අමුමිරිස්

පදමට ලුණු

ගාගත් පොල්මිටක්

උම්බලකඩ කුඩු ටිකක් (අවශ්‍ය නම් පමණක්)

 

හදන්නේ මෙහෙමයි

හඳුන් දලු සිහින්ව ලියා භාජනයකට දමා රතුලූනු, අමුමිරිස්, පොල්, ලුණු හා උම්බලකඩ දමා කොළ පොඩි නොවෙන විදිහට කලවම් කරන්න. අවසානයට දෙහි ඇඹුල් එකතුකර ගන්න (මෙය කෑමට මොහොතකට පෙර හදාගන්නවා නම් හොඳයි)

(Tharunie)