Friday, March 27, 2026
Follow Us
ගාලික් මෂ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් මේස හැඳි 2ක්

ඔලිව්තෙල් මේස හැඳි 1ක්

තලාගත් ලූණු කෝප්ප කාලක්

බට්න් මෂ්රූම් පැකට් 1ක්

වියළි තයිම් මේස හැඳි 1ක්

සිහින්ව කපාගත් පාස්ලි

මේස හැඳි 2ක්

තලාගත් සුදුලූණු මේස හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු මේස හැඳි ½ක්

 

සාදන ක්‍රමය

පෑන් එකට බටර් ටික දාලා දියවෙනකොට ඔලිව්තෙල් ටික දාගන්න. තෙල් රත්වෙනකොට තලාගත් ලූනූ ටික දාගන්න. ලූණු ටික බැදීගෙ​න එනකොට මෂ්රූම් ටික එකතු කරගන්න.

මෂ්රූම් ටික බැදිලා රන්වන් පාට වේගෙන එනකල් හො​ඳට හැඳි ගාන්න. දැන් වියළි තයිම් දාගන්න. සිහින්ව කපාගත් පාස්ලි මේස හැඳි 2ක් දාගෙන හො​ඳට කල​වම් කරගන්න. දැන් තලාගත් සුදුලූණු ටික දාගන්න. ලුණු රස අනුව දාගෙන අන්තිමට ගම්මිරිස්කුඩු ඉසගන්න

(Tharunie)