හැමදාම එකම විදිහේ කෑම කාලා එපා වෙලා කියලයි බොහෝ දෙනෙක් පවසන්නෙ. ඒ වාගේ අයට කටට රසට කන්න අලුත්ම තාලයේ චට්නියක් හදන හැටි කියාදෙන්න අපි සූදානම්. ඉතින් මේ සාදික්කා චට්නිය ඔබට බත් සමඟ විතරක් නෙමෙයි රෝල්ස්, පැටිස්, කට්ලට් ආදී කෙටි කෑම සමඟත් ක්‍රීම් ක්‍රැකර් වාගේ සේවරි බිස්කට් එක්කත් රසවිඳින්න පුළුවනි.
සෝයා කිරි පෝෂණය පිරුණු රසවත් පානයකි. ඒත් බොහොමයක් දෙනා සෝයා කිරි හදන්න දන්නෙ නෑ. ඒ අයටයි මේ අවස්ථාව.
බොහෝ වෙලාවට උදේ ආහාරයට එහෙමත් නැත්නම් සවස තේ වෙලාවට පාන්, බනිස්, බිස්කට් වැනි කෙටි කෑමක් ලබා ගන්නටයි අපි කවුරුත් පුරුදුව සිටින්නේ. විශේෂයෙන්ම ජෑම් වැනි තැවරුමකින් මේවා රස ගන්වන්නත් අපි අමතක කරන්නේ නෑ. අඹ, අන්නාසි, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී රස රැසකින් මේ ජෑම් සකසා ගන්න පුළුවනි. එහෙමනම් අද අපි බලමු ඉවතලන සාදික්කා ලෙල්ලෙන් ජෑම් සකස් කරගන්නේ කොහොමද කියලා.
සෝයා කිරි මුදවලා හදන බීන් කර්ඩ් නැත්නම් ටෝෆු (Tofu) ලංකාවේ අපිට ඒ තරම් පුරුදු කෑමක් නොවුණත් ජපානය, කොරියාව, තායිලන්තය වගේ රටවල බොහෝම ජනප්‍රිය කෑමක්.
ආහාර ගැනීමට මෙන්ම එම ආහාර හොඳින් ජීර්ණය වීමට ද ආහාර පිළිබඳ ප්‍රියතාවක් ඇතිවිය යුතුය. එම ප්‍රියතාව ලබා ගැනීමට නම් ආහාරයේ රසය, සුවඳ මෙන්ම පෙනුම ද එකසේ වැදගත් වේ.
ගොඩක් දෙනෙක් කඩේ තියෙන සෝයා මීට ගෙනත් හදලා කනවා. තවත් අය කඩේ තියෙන සෝයා මීට් කන්න කැමැති නෑ. ඒත් අපි ඔක්කොටම පුළුවන් සෝයා මීට ගෙදර දී ම හදාගන්න. මෙන්න තියෙනවා සෝයා ඇටවලින් සෝයා මිට් හදන ක්‍රමය. එහෙමනම් ඔබත් ගෙදර දී ම සෝයා මීට් මෙලෙස සකසා ගන්න.
අයිසිං සීනි ඔබට අවශ්‍ය ප්‍රමාණය රැගෙන කැට ඉතිරි නොවන සේ හොඳින් හලාගන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි එකක් භාජනයකට දමා වතුර මේස හැඳි 1 1/2ක් එයට එක් කරන්න. ඉන්පසුව ගෑරුප්පුවක් ආධාරයෙන් ජෙලටින් ස්වල්පය වතුරේ හොඳින් දිය කරන්න. ජෙලටින් දිය කරගත් පසු විනාඩියක් පමණ කාලයක් යන විට එය ඝනවීමට (Bloom) පටන් ගනී. ඉන්පසුව භාජනයකට උණුවතුර දමා එයට ජෙලටින් සහිත භාජනය දමා ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු දියකරගත් ජෙලටින් ෆොන්ඩන්ට් අයිසිං සාදා ගැනීමට යොදාගන්නා භාජනයට පෙරා ගනිමින් එක් කළ යුතුය. රස්නය තිබියදීම මෙයට ග්ලූකෝස් සහ ග්ලිසරින් මේස හැඳි 1 බැගින් එක්කර ගත යුතුය. ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය හොඳින් දියවුණු පසු කලින් හලාගත් අයිසිං සීනි භාජනයට එක් කරගන්න. ඉන්පසුව හොඳින් මිශ්‍ර කර්ස්ගන්න. හොඳින් මිශ්‍ර කරගන්නා විට එක් මොහොතක දී අයිසිං මිශ්‍රණය අතේ නොඇලෙන පදමට පැමිණෙයි. ඒ වාගේම වඩාත් මෘදු ස්වභාවයක් ගනී. එම පදමට පැමිණි පසු එම ෆොන්ඩන්ට් අයිසිං මිශ්‍රණය ඔබගේ කේක් නිර්මාණයන් සඳහා භාවිත කළ හැකි වේ.
Page 34 of 44