Wednesday, July 15, 2026
Follow Us
Poems

කඳුළු අතරින් හිනැහෙන මව්වරු
ඒ වේදනාව මෙතරම්
දරුණුද
ජිවිතයේ මේ වනතුරු
මා ඒ වේදනාව විද නැති
ඒ නම් මාතෘත්වය.......
ලබන්නට පින්කර
ඇතිමුත්
එයත් වේදනාවකි

එක් මොහොතකට.......
නමුත් සියළු වේදනා
විඳදරා ඒ රන්කැටි බිළිඳු
මෙළොවට බිහිකර
ඒ සිඟිති මුව කමල දුටු විට
ඉතින් පවසන්න
ආදරණිය මව්වරුනි
වින්ද වේදනා සියල්ල
එක මොහොතින්
පහව ගියා නොවේ ද
ඉතින් ඊළඟ නිමේෂයේ
අපේ අම්මාවරුන්ගෙ දෑස්වල
අපි දකින්නෙ
සතුටු කඳුළුම විතරමයි
මාතෘත්වය නම් එයමයි
දැරිය නොහැකි
ලොකු වේදනාවක්
උරුම කරදුන්නද
තමා බිහි කළ දරුවාගේ
සිඟිති රුව දුටු කළ
සියළු වේදනාවන්
පහවි යයි ඒ නිමේෂයෙන්
ඉතින් අම්මාවරුනි
මාතෘත්වය වදනින්
කිවනොහැකි තරම්
උතුම්
කිසිදිනක නොකරනු
එයට අවමන්.....

Dahamdi Yashodara

Poems
සිනහවක් මුව මවන්,
නුඹ ලගින් මම අදත්..

Poems

කදුලැල් හසරැල් ළග...
ආන්දොලනය වන..ජීවිතය

Poems

ආදරෙ මහ දුකක් කියලා
ආයෙමත් මට දැනෙද්දි...

Poems
අඩසඳ එළියේ.
ගොම්මන් අඳුරේ.

Poems
නෙතු පියවිලි අස්සට හීන අරන් එන
නුඹේ දයාබර සෙනෙහෙ තරම්

Poems
ලියූ කවි පද නුඹ නමින් ඇත
හදෙහි ගැඹුරුම තැන රැදී

Poems
නිස්සාර ජීවිතය මාවතේ ඇවිද යන
සංසාර වන දුර්ග තරණයෙන් හති වැටුන

Poems

දුරස් වන්නට සිතෙන්නේ නෑ
නුඹේ ලෙන්ගතු හදවතින්

Poems

දවසක් නෙතු අග,නතරව කදුලක්.
පවසා සිටියා..ප්‍රේමය වරදක්.

Poems
අම්මා ඉර නොවෙයි
නියග පෙනි පෙනි

Poems

මැණික මේ අහගන්න කඳුළු පිසදා ගන්න

Poems
අදුර එන්නට මත්තෙන්
එලිය තිබුනා මතකයි.

Poems

තරු අහස මගෙ උනා ඉස්සර
දුර උනත් ළඟ ඉද්දි තිස්සෙම

Poems

දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා
කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා

Poems

වෙන් වෙන්න නම් දිනෙක
මොකට අපි බැදුනාද

Poems

ඉබි ගමනේ..යළිඳු සිත

Poems

මහද පාරා ගලන කඳුලැල්

නිමක් නොවනා බැවි දනිම්....