Tuesday, January 13, 2026
Follow Us
කඳුළු අතරින් හිනැහෙන මව්වරු

කඳුළු අතරින් හිනැහෙන මව්වරු
ඒ වේදනාව මෙතරම්
දරුණුද
ජිවිතයේ මේ වනතුරු
මා ඒ වේදනාව විද නැති
ඒ නම් මාතෘත්වය.......
ලබන්නට පින්කර
ඇතිමුත්
එයත් වේදනාවකි

එක් මොහොතකට.......
නමුත් සියළු වේදනා
විඳදරා ඒ රන්කැටි බිළිඳු
මෙළොවට බිහිකර
ඒ සිඟිති මුව කමල දුටු විට
ඉතින් පවසන්න
ආදරණිය මව්වරුනි
වින්ද වේදනා සියල්ල
එක මොහොතින්
පහව ගියා නොවේ ද
ඉතින් ඊළඟ නිමේෂයේ
අපේ අම්මාවරුන්ගෙ දෑස්වල
අපි දකින්නෙ
සතුටු කඳුළුම විතරමයි
මාතෘත්වය නම් එයමයි
දැරිය නොහැකි
ලොකු වේදනාවක්
උරුම කරදුන්නද
තමා බිහි කළ දරුවාගේ
සිඟිති රුව දුටු කළ
සියළු වේදනාවන්
පහවි යයි ඒ නිමේෂයෙන්
ඉතින් අම්මාවරුනි
මාතෘත්වය වදනින්
කිවනොහැකි තරම්
උතුම්
කිසිදිනක නොකරනු
එයට අවමන්.....

Dahamdi Yashodara