Tuesday, January 13, 2026
Follow Us
මතක මංපෙත්
ඈතින්ම හමා ආ....
මුදු සීත නල අතර
මට හෙමින් ලං වුණා...
මම ආස ඔය සුවඳ
වැව් ඉවුරේ රැළි අතර...
සොයන්නෙම මම තවම
මට අහිමි වුණු නුඹේ...
මගේම වුණු ආදරය
සුලඟිල්ල අත දරා...
උරහිසට බරව ගිය
පා අතර යට නොවූ...
වැලි කැටක් තිබෙනවාද
බිම බලාගෙන ඉතිං ...
වැව රවුම පුරාවට
සොයනවා මම තවම...
මට අහිමි වූ නුඹව
අත රැඳුණු සියපතක...
පැන් උනේ කඳුළු කැට
සිතේ සියවර රැඳුණු...
නුඹයි මගේ හීනයම
නැවත නොඑනා ලෙසක...
නුඹ ගියත් දුර ඈත
මතක මංපෙත් අතර...
රැඳුනේ නුඹ පමණි මට
 
-අනූ... සාරංග ...