Tuesday, January 13, 2026
Follow Us
පරණ පෙම මටත් නොදැනිම පලා ගියා!

දුර ඉඳන් කරණ ප්‍රේමය සුන්දරය
දුර වන තරමට හදවත් ලං වේය


කවි පද ලියා සිහි කරමි අපගෙ ප්‍රේමය
උණුහුම නොදැන ගල්වේවිද ආදරය?
උණුහුම හදේ ගෙන දේ සතුට ප්‍රේමයේ
ඈත් වූ විටදි සීතලකි මතුවූයේ
එය වළකන්න විදියක් නම් නැති වූයේ
තනි කම ඉවසා ගන්නට බැරිවූයේ
එවිට හද දුවයි ආදර මිහිර සොයා
උණුහුම් හැඟුම් සොයමින් කවි කිය කියා
උණුහුම ලැබගන්න කෙනෙකුව සොයා ගියා
පරණ පෙම මටත් නොදැනිම පලා ගියා

Imasha Samadhi Sandeepani