Tuesday, January 13, 2026
Follow Us
ගීතයක් උනා නුඹ

තරු අහස මගෙ උනා ඉස්සර
දුර උනත් ළඟ ඉද්දි තිස්සෙම

නුඹෙ ඇස් දිදුලද්දී ගස්සන
පුරහඳත් ඇඹරුනා ලස්සන
ප්‍රේමයක් ලිය වුනා සුන්දර
හුස්ම ළග සැනසුනා පෙම්බර
පපුව මත හිරවෙද්දි ටික ටික
නුඹ ළඟ ඉන්න කොට ලස්සන
හිත තිබුනෙ නුඹේ ළය මත
හිත සැනසුනේ නුඹ ළග
තුරුලට එද්දී නොකියම
මගෙ හිත මට කොහෙද අවනත
කාලයක් ගත වුනා නොකියම
හීනයක් වගේ මට නුඹ දිවියට
ප්‍රේමයක් ලද නිසා සුන්දර
ගීතයක් උනා නුඹ මට දිවියට

-රන්දිමා රෂීප්‍රභා