Friday, October 16, 2026
Follow Us
තනි හිතක්

වෙන් වෙන්න නම් දිනෙක
මොකට අපි බැදුනාද


එකට හිටි හැමදාක
කෙරුවෙ ඔබ බොරුවක්ද
හැම පැතුමකම අගට
සිටිය ඔබ නැතුවාට
ඔබ එක්ක බැලු හීන
දිනෙක මට ඉටු වේවී
පැතුවෙ ඔබ ලග ඉන්න
ඔබ ගිහින් දුර ඈත
ඔබ නැතත් මං තනිව
දුර ගිහින් ටික දුරක්
ඔබ නැතුව යන ගමන්
තනි උනත් මගෙ හිතට
ඔබ නොමැති මගෙ දිවිය
දිනනවා මං දිනෙක
ඔබෙන් යැදි ප්‍රේමයට
දුන් දුකත් විදලාම
ඔබ නැතත් මගෙ ලගක
ශක්තිමත් මගෙ හිතම

සමාධි ගමගේ✍️