Tuesday, January 13, 2026
Follow Us
වරද මගෙ නොවෙ උබේ..
සිනහවක් මුව මවන්,
නුඹ ලගින් මම අදත්..
ඉන්නවා ලන්වෙලා,
හිත හැදෙනකම් හෙටත්...
දන්නවා නුඹට මම,
පෙම් කලා මහ හුගක්..
පැරදිලා ඉන්නේ මං,
පැරදුවේ නුඹ නිසා මේ දුකත්..
නුඹ නොකී හැමදෙයක් ගැනම,
මම දන්නවා..
මම දන්න බව නොදැන,
නුඹ ඉන්නවා..
මතක් වෙද්දී හැමදේම,
මගෙ,හිත දවනවා..
නුඹ ලගදි හිනැහිලා,
මම හිතින් අඩනවා..
රැවටෙන්නේ දැන්,
මම නොවෙයි වස්තුවේ..
මියැදෙන්නේ ප්රේමේ,
වරද මගේ නොවේ උබේ..
පෙම් කිරුලු පලදාපු,
වෙන අයෙක් ඔය හිතේ..
ඉන්න බව දන්නවා,
සුරත,රැදෙව්වත් මගේ අතේ..
යන්න,හැරයන්න නොකියා,
ලං උනත් මේ වගේ..
දිනක මම යන්න යනවා,
ඉඩ හොයන්නෑ නුඹෙ හිතේ..
රැවටෙන්නේ දැන්,
මම නොවෙයි වස්තුවේ..
මියැදෙන්නේ ප්රේමේ
වරද මගේ නොවේ උබේ.
 
- ඉන්දික තුෂාර ජයමහ