Tuesday, January 13, 2026
Follow Us
අම්මා
අම්මා ඉර නොවෙයි
නියග පෙනි පෙනි
පොලොව පිච්චුව...
අම්මා සද නොවෙයි
හැම මාසෙටම දවසක්
තරු අතරමං කල...
අම්මා තමයි ලිප්ගල
එකදු මැසිවිල්ලක් නොකියා
තුන් වේලටම පිච්චුන...
අම්මා තමයි මුදුන් මුල
වියළි වැටෙද්දී තුරු පත්
නොකඩවා දිය පොහොර සරි කළ...
අම්මා තමයි කැණිමඩල
උලුවහු දිරද්දිත්
දරාගෙන හිටිය...
අම්මා තමයි මේ තරම්
භයානක ලෝකෙක
තාමත් හුස්ම වැටෙනා
හේතුව....
 
nisades suthuwam addara