Sunday, March 01, 2026
Follow Us
අපි අයේ අසා ඉමු
මතක් වුනු වෙලාවක
අපි ආයේ අසා ඉමු
වසන්තය එනවා කී
ඔබෙ එ කවි සින්දු
මගහැරුනු තැනක අපි
තාල පද වැල් මියුරු
එකින් එක විමසුමද
ගිම්හානයේ තතු
සද නිවපු අහසකදි
තරු උනත් ලං වේවි
සොදුර නුඹ මා ලගදි
ඇයි කොමල කතා නැති
තෙත් රැදුනු දෙතොල් මත
වස්සාන හාදු රැදි
නුරා ගි කවියක්ය
කෙදිරිල්ල සවන් මතු
 
-හසිත ජයනෙත්ති