Sunday, March 01, 2026
Follow Us
පින්සාර ලබැඳි සිත් හමුවෙලා
නිස්සාර ජීවිතය මාවතේ ඇවිද යන
සංසාර වන දුර්ග තරණයෙන් හති වැටුන
පින්සාර හදක් ළඟ නැවතිලා රහසේම
සංසාර පොරොන්දුව රකින්නට ආවාද ........
නින්නාද දෙන හැඟුම් සුවසේම විඳගන්න
දින්නාද මුළු හදින් සෙනෙහසේ නවාතැන
ලිව්වාද පෙම් කවක් සිත් පුරා ආලයක
කිව්වාද රහසේම ඒ කවිය ඇසෙන්නට ........
දුන්නාද බහක් හද මන්දිරේ නවතින්න
සන්සාර පුරුද්දට සෙනෙහසින් ලඟ ඉන්න
ඇසුනාද කතාවක් ඝන්ටා නාද මැද
පින්සාර ලබැඳි සිත් හමුවෙලා සැදෑවක ........
 
-රන්දිමා රෂීප්රභා