Sunday, February 22, 2026
Follow Us
නිවෙස් නිරෝධායනය වන අයට සහන මල්ලක්

වෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

(18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එය සතොස මගින් නොමිලේ ලබාදෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව නිවසටම එම සහන මල්ල ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(Aruna)