Sunday, February 22, 2026
Follow Us
අලුතින් පිහිටවූ නාමල්ගේ අමාත්‍යංශයට ආයතන 64 ක්!

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබෙනවා.

රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීමේ හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව අමාත්‍යංශය ස්ථාපිත කර තිබේ.

ඒ අනුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව
*ජනාධිපති කාර්ය සාධක බලකා ගණනාවක්
භාණ්ඩාගාරය
විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක්
දේශීය ආදායම්
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු
ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
සියලුම රාජ්‍ය බැංකු
මූල්‍ය රක්ෂණ හා ආශ්‍රිත ආයතන ඇතුළු දෙපාර්තමේන්තු කොමිෂන් සභා සහ කාර්යාංශ කිහිපයක්
ජාතික රක්ෂණ භාර අරමුදල
සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක්
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
වනජීවී භාරය ඇතුළු ආයතන හා සංස්ථා කීපයක්
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු ආයතන 64 ක් අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතාට පවරා තිබේ.

(LNW)