Sunday, February 22, 2026
Follow Us
වයස 18ට වැඩි සියලුදෙනාට එන්නත්

එන්නත්කරණය සැප්තැම්බර් 30 වන විට නිමකිරීමට සැලසුම්


වයස 18ට වැඩි සියලුදෙනාගේ එන්නත්කරණය සැප්තැම්බර් 30 වන විට නිමකිරීමට සැලසුම්

වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර, අගෝස්තු 9 වන දා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම එන්නත් තොගයෙන් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව ලෙස ද එන්නත් මාත්‍රා 3.25ක් දෙවන මාත්‍රාව වශයෙන් ද භාවිත කර ඇත.

(Aruna)