Sunday, February 22, 2026
Follow Us
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අයට ක්ෂණික දුරකථන අංකයක්

නිවසේම ප්‍රතිකාර ගන්න අය බලන්න වෛද්‍යවරු 1500ක්


නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න සඳහන් කළේ මේ වන විට නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් අධීක්ෂණය කිරීමට වෛද්‍යවරු නවසිය දෙනකු (900) සහ විශේෂඥ වෛද්‍යවරු 28 දෙනකු යොදවා ඇති බවයි.
මෙම වෛද්‍යවරුන්ගෙන් අවශ්‍ය උපදෙස් 1390 දුරකතන අංකයට ලියාපදිංචි වූ ආසාදිතයන්ට ලබාගත හැකිය.

ඊයේ (18 වැනිදා) පස්වරුව වන විට නිවෙස්වල ආසාදිතයන් 5110දෙනකු ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අයන්ති කරුණාරත්න ප්‍රකාශ කළාය.

පසුගිය ජුනි මස 07 වැනිදා සිට ඊයේ (18 වැනිදා) වන තෙක් ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව දාසය දහස් දෙසිය අසූ දෙකකි (16282).

(Aruna)