Sunday, February 22, 2026
Follow Us
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වලා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. එම තීරණය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

අදාල පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කළයුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි.

(LNW)