Sunday, February 22, 2026
Follow Us
වාහන 164ක් ගෙන්වන්න මුදල් ඇමති බැසිල්ගෙන් කැබිනට් යෝජනාවක්

වාහන 164ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එයට අනුමැතිය හිමිව තිබේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ගිලන් රථ, වතුර බවුසර් සහ ඩබල් කැබ් රථ එම වාහන 164ට අයත් බව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

(LNW)