Sunday, February 22, 2026
Follow Us
එහෙම නිර්ණායකයක් නෑ. දසදහස් ගාණින් මැරුණත් කොහෙත්ම ලොක්ඩවුන් නොකළ අවස්ථා තියෙනවා - සෞ.මා.

රටක් ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්ණායකයක් නොමැති බවත් එය තීරණය වන්නේ ඒ ඒ රටෙහි ආර්ථික සහ සමාජයීය හැකියාවන් ඇතුළු සියලුම සාධක අනුව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ප්‍රශ්නය - මේ රෝගය පාලනය කරගැනීමට යම්කිසි ලොක්ඩවුන් එකකට එනවා නම් කුමන ගාණකින්ද ? අඩුම ගාණෙ මරණ දාහක් වෙලා රෝගීන් පන්දාහක් විතර එකට වාර්තා විය යුතුද, මොකක්ද ඒ එතන ඔබතුමාලාගෙ නිර්ණායකය ?

"එහෙම නිර්ණායකයක් නෑ. සමහර රටවල්වල එක රෝගියෙක් නිසාත් ලොක්ඩවුන් කරනවා. ඒක ඒ ඒ රටේ තියෙන සාමාජීය ආර්ථික හැකියාවන් මත සහ අනෙකුත් සාධක සියල්ල සැලකිල්ලට ගෙන ගන්නා වූ ක්‍රියාමාර්ග. ඒ වගේම සමහර රටවල් තියෙනවා ලක්ෂ ගණනින් මිලියන ගණනින් රෝගීන් වෙලා දස දහස් ගණනින් මියයන කලුත් රට කොහෙත්ම වහන්නෙ නැති වෙලාවල් සිද්ධ වෙලා තියෙනවා. මේ එකක්වත් හරිද නිවැරදිද කියලා අපට කියන්න බෑ. පොදුවේ ගතයුතු තීරණයි මේවා. එක තීරණයක්වත් අවසාන තීරණයක් හැටියට මමත් සලකන්නේ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)