● Booster roll-out to begin in November
● Youngsters to get booster 6 months after second dose
● Elderly, comorbidities to get it sooner
● Children above 12 likely to get only one dose of Pfizer
කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර වැඩසටහන අභියෝගාත්මක එකක් වන නමුත් එම අභියෝගය අනිවාර්යයෙන්ම ජයගන්නා අතරම ගොවීන්ට ද අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා, තරුණ කටයුතු හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ලොව වෙනත් රටවල එවැනි තත්ත්වයන් ඇතිවූ බවට උදාහරණ ද පවතින බවයි.
පාසැල් යන දරුවන් එන්නත් කිරීමේ තවත් ප්‍රධඡාන වැඩසටහනක් අද ආරම්භ වනවා. ඒ, කොළඹ දිස්ත්‍රික්කයෙන්. එහිදී වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතයි.
මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනවා. ඉකතුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහායි. එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා දෙවන අදියර යටතේයි.
ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වනවා.
Page 285 of 647