Friday, February 20, 2026
Follow Us
බන්ධනාගාරයේ සැනිටයිසර් තහනම්

සිරකරුවන්ට සූර් වෙන්න සැනිටයිසරුත් නැති වෙයි


මින් ඉදිරියට බන්ධනාගාර සිර මැදිරි තුළට විෂබීජ නාශක දියර (සැනිටයිසර්) ලබා දීම නැවැත්වීමට වහාම නියෝග කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සති අග අරුණට පැවසීය.

බන්ධනාගාර තුළ ඇති මත්ද්‍රව්‍ය හිඟයත් සමග සිරකරුවන් සැනිටයිසර් පානය කර මත්වීමට ගත් උත්සාහයක් මත ඉරාන ජාතිකයන් දෙදෙනකු මරණයට පත් වී තවත් දසදෙනකු රෝහල් ගත කිරීම නිසා මෙම තීරණය ගෙන ඇත.

ඉරාන ජාතිකයන් හට සැනිටයිසර් ලබා දී තිබුණේ ඉරාන තානාපති කාර්යාලයෙනි.

මින් ඉදිරියට සිරමැදිරි විෂබීජ හරණය කිරීම හැර සැනිටයිසර් ලබානොදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ.

(Aruna)