Friday, February 20, 2026
Follow Us
1 වසරට සිසුන් ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැ. 5 වැනිදාට පෙර

පලමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන තීරණයක් ගනී


ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ඇතුළු කටයුතු සිදු කළ යුතු කාලරාමුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධනය කරනු ලැබ ඇත.

ඒ අනුව නොවැම්බර් මස 5 වැනිදාට පෙර සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුතු ය.

එමෙන් ම තෝරා ගත් දරුවන්ගේ තාවකාලික ලැයිස්තුව නොවැම්බර් මස 30 වැනිදා වන විට දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කළ යුතු වෙයි. අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ අවසන් දිනය දෙසැම්බර් මස 14 වැනිදා ය. ඊට අදාළ පරීක්ෂණ එදින සිට 28 වැනිදා දක්වා වන සති දෙකේදී පැවැත්විය යුතු වෙයි.

තෝරා ගත් දරුවන්ගේ අවසන් නාමලේඛනය ජනවාරි මස 14 වැනිදා ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

මෙම සංශෝධන පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට මේ වන විට දැනුම් දී ඇත.

කලින් නිකුත් කර තිබූ චක්‍රලේඛයට අනුව මෙම වසර ඇතුළත තෝරා ගැනීමේ කටයුතු සියල්ල අවසන් කිරීමට නියමිත විය. එම කාලරාමුව සංශෝධනය කර ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීමට සිදු වීම නිසා ය.

පළමු ශ්‍රේණියට අයැදුම්පත් කැඳවීමට ලබා දී තිබූ කාලය පසුගිය අගෝස්තු මස 7 වැනිදායින් අවසන් විය.

(Aruna)