Friday, February 20, 2026
Follow Us
මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට පැමිණිලා

ඇමති කෙහෙළිය කියන කතාව


ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදියරකට මේ වන විට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව අනගි සහයක් ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෙහෙළිය රඹූක්වැල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙරට වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබාදුන් බව අමාත්‍යවරයා එහිදි පෙන්වාදී ඇත.

මනා සංවිධානාත්මක හා කළමනාකරණයකින් යුතුව මෙරට කොවිඩ් පාලනය සිදුකර ඇති බව ප්‍රකාශ කළ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා එන්නත්කරණයේ සාර්ථකත්වය ඔප්පු කිරීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව එහිදි සඳහන් කර තිබේ.

(Aruna)