රාජ්‍ය සේවකයන්ට රජයෙන් දෙන්න යන සහනය මෙන්න
කොවිඩ් -19 වසංගතයෙන් රෝගාතුරවී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (13) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.
මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැලඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබිණි.
මේ අතර රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර පවතින ගැටලු බලපා ඇති අකාරය පිළිබඳව වෘත්තීය සමිති විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
එහිදී, රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මකවීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
මේ අතර 2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබාගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී අදහස් පළ කළ බවද අගමැති මාධ්‍ය අංශය පැවසීය.
(Aruna)