Friday, February 20, 2026
Follow Us
පරිස්සම් නොවුනත් සිදුවිය හැකි දේ ගැන හමුදාපති කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ලොව වෙනත් රටවල එවැනි තත්ත්වයන් ඇතිවූ බවට උදාහරණ ද පවතින බවයි.

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනු ඇති බවයි පැවසෙන්නේ. ඒ සම්බන්ධයෙන් තීරණය කරන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය මේ වන විට රැස්වී තිබෙනවා.

(Neth)