පාර්සල් භාර නොගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් ඊයේ දිනයේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 5 ක ආදායම් අහිමි වූ බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලදී ඊට අදාළ වාර්තා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමේ කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේද සවස 06ත් රාත්‍රී 09.30 ත් අතර කාලය තුළ විනාඩි 45ක් පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මෙරට ආහාර සංචිත සම්බන්ධයෙන් මේ වනවිට පුරෝකථන සිදුකරමින් ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියාසිටියේ වී වගාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි.
මහ කන්නයේ වගා කළයුතු කුඹුරු ඉඩම්වලින් 95% ක් පමණ මේ වනවිට වගාකර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂිකර්ම නිළධාරීන් මේ බව තහවුරු කර තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් සමිඳානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝකවාසී කිතුනු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සැම දෙනා ප්‍රීතියට පත් කරන උතුම් මංගල්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
රියදුරු පුහුණුව සමත් වූ දිනයේම බලපත්‍රය ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අහිතකර ජීවීන් අඩංගුවීම නිසා ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර නෞකාව සඳහා ගෙවීම් සිදු කිරීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝග ජනවාරි 06 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණය අද මෙම වාරණ නියෝගය දීර්ඝ කළේය.
කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා විධිමත් සමීක්‍ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
රජයෙන් ලබාදෙන දියර පොහොර ගඳයැයි පවසමින් ඒවා විසි කරන ගොවීන්ට දඬුවම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.
Page 251 of 647