Tuesday, February 17, 2026
Follow Us
නොමිලේ ගමන්වලින් දුම්රියේ දිනක පාඩුව මිලියන 50  ඉක්මවයි

පාර්සල් භාර නොගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් ඊයේ දිනයේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 5 ක ආදායම් අහිමි වූ බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් එෆ් එම් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඒ බව සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පාර්සල් භාර ගැනීම සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වුවද, දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් සෙසු දුම්රිය වෘත්තීය සමිති සමග එක්ව හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයකට අවතීර්ණ වන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

(Neth)