Tuesday, February 17, 2026
Follow Us
බස්නාහිර ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පණිවිඩයක්

ජනවාරි 15 වැනිදා සිට එන අලුත්ම නීතිය


බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරෝද රථවලට ලබන ජනවාරි 15 වනදා සිට මීටර් සවිකිරීම අනිවාර්ය කර තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන ත්‍රිරෝද රථ බොහොමයක තවමත් මීටර් සවිකර නොමැති බවයි.
එම රියදුරන් තමන්ට කැමති ලෙස මගීන්ගෙන් මුදල් ලබාගන්නා බව ඔහු පැවසීය.

ලබන ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මීටර් අනිවාර්ය කරනු ලබන බව ලලිත් ධර්මසේකර මහතා සදහන් කරයි.

(Aruna)