Tuesday, February 17, 2026
Follow Us
අජිත් නිවාඩ් කබ්රාල් සහ විමල් වීරවංශ අතර විශේෂ සාකච්ජාවක්

අවශ්‍ය ණය පහසුකම්


සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමෙන් පසු ණය පහසුකම් ලබාගැනීම ඇතුළු එම ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබදව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

මෙරට සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබදව එහිදි දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන් වී ඇති බව සඳහන්.

මීට අමතර ව, සුපිරි වෙළදසැල් ජාලය කේන්ද්‍ර කරගනිමින් ප්‍රේක්ෂකයන් සියයකට එකවර චිත්‍රපට නැරඹිය හැකි ‘මිනි තියෙටර්’ ක්‍රමවේදයක් හදුන්වා දීම සම්බන්ධයෙන්ද සාකච්ජාවට බදුන්වී තිබෙනවා.

(Aruna)