Tuesday, February 17, 2026
Follow Us
සතොස සහන මල්ලේ වෙනසක්

ඇමති බන්දුල ගත් තීරණය


උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩි කිරීමට වෙළද අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව (27) සිට දෙසැම්බර් 31 වනදා දක්වා එම අවස්ථාව සැලසෙන බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේය.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදීමටද තීරණය කර තිබේ.

“රුපියල් 1,998 සහන මල්ල තුළ සම්බා කිලෝ 10ක් ලබාදුන්නා. ඒ සහන මල්ල සකස් කරන විට දේශීය දුඹුරු සීනි තමා අපි කිලෝ 2ක් ලබා දෙන්නේ. සමහර වෙළෙඳසැල්වලට ඒ දේශීය දුඹුරු සීනි ප්‍රමාණවත් ලෙස තොග නොලැබුණාම සහන මල්ල ලබාගන්න කෙනාට සීනි වෙනුවට මොකද කරන්නේ කියන ප්‍රශ්නය පැන නැගුනා. ඒ නිසා හෙට සිට දෙසැම්බර් 31වනදා තෙක් සහන මල්ලට සීනි මිලදී නොගන්නා පුද්ගලයින්ට 1,998 මිලටම තවත් සම්බා කිලෝ 2ක් වැඩිපුර ගන්න පුලුවන්.

ඊට අතිරේකව හෙට දිනයේ සිට දෙසැම්බර් 31 දක්වා සතොස වෙළෙඳසැල් තුළ සමාන්‍ය පාරිභෝගිකයින්ට මෙතෙක් ලබාදුන් සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් ලබාදීමටත් කටයුතු කරනවා. ඒ අනුව ලබන්නා වු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 130ක මිලට සතොස මගින් සුපිරි සම්බා කිලෝ 10 බැගින් ලබාගැනීමට පුලුවන්. ඒ දෙසැම්බර් 31 දක්වා පමණයි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)